බොලිවුඩ් තරු රැසක් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශනයට
Friday, 25 September 2020 - 10:53 | Views - 595
යොවුන් සිනමා නළු සුෂාන්ත් රාජ්පුත්ගේ දිවි හානිකරගැනීමේ සිද්ධියෙන් පසු ආරම්භ වූ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශන සඳහා බොලිවුඩ් තරු රැසක් මේ වනවිට මුම්බායි නුවරට පැමිණ තිබෙනවා.
ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ සුෂාන්ත්ගේ අවසන් සමයේ පෙම්වතිය වූ රියා චක්රබෝර්තිගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාදවලින් අනාවරණ කරගනු ලැබූ කරුණු අනුවයි.
සුෂාන්ත් රාජ්පුත්ට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට රියා සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.
විමර්ශන සඳහා කැඳවනු ලැබූ දීපිකා පදුකෝන් සහ ඇයගේ සැමියා වන රන්වීර් සිං, ගෝව සිට ඊයේ මුම්බායි වෙත ගුවනින් පැමිණි අවස්ථාවේ මාධ්‍ය, ඔවුන් ලුහුබැද පැමිණි බව සඳහන්.
ඊට අමතරව සාරා අලි ඛාන්, ෂාරදා කපූර් සහ රකුල් ප්‍රීත් සිං ද ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා.
Share This Article