බොලිවුඩයම ගිනි ඇවිලූ සුශාන්ත් සිංගේ මරණය සම්බන්ධයෙන් දීපිකාට නොතිසි
Friday, 25 September 2020 - 9:20 | Views - 1,216
හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සුශන්ත් සිං රාජ්පුත්ගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ මේ වනවිට මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන බවට පෙරළි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
 
හින්දි සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසකට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලනය අධිකාරිය සඳහන් කරන්නේ.
සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වනවා.
 
ඒ, සියදිවි නසාගත් සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී හෙලිවූ තොරතුරකට අනුවයි.
 
මත්ද්‍රව්‍ය භාවිත කරන බොලිවුඩ් රංගන ශිල්පීන් අතර ඇයගේ නමද ඇතුළත් වී තිබීම හේතුවෙන් මෙලෙස ඇයට නොතීසි නිකුත් කිරීමට හේතුවයි.
 
අද දිනයේ දීපිකා පදුකෝන් මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ පෙනී සිටීමට නියමිතව ඇති අතර, එහිදී ඇයට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට මුම්බායි පොලීසිය කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top