මේ දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වන, මාස හයක දරුවා දිය මත යන වීඩියෝවට, දසතින් විවේචන
මේ දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වන අපූරු වීඩියෝවකට බොහෝ පිරිසකගේ අවධානය යොමු ව තිබෙනවා.
ඒ මාස 6ක් වයසැති දරුවෙකු ජල ක්‍රීඩා කරන වීඩියෝවක්. මෙම වීඩියෝව අගනා වීඩියෝවක් වුවත්, එය දරුවාව දෙමව්පියන් විසින් අවදානම දැමූ "කුරිරු වීඩියෝවක්" බවටයි බොහෝ පිරිස් චෝදනා කරන්නේ.
ටාහි කේසි හා මින්ඩි යන දෙදෙනා තමන්ගේ මාස හයක් වයසැති පුත්‍රයා ලේක් පවෙල් විල හරහා, මෙසේ පා කොට තිබුණා.
කෙසේ වෙතත් ඉන්ස්ට්ග්‍රෑම් ගිණුමට ඔවුන් විසින් එක් කළ මෙම වීඩියෝව ආන්දෝලනාත්මක වීඩියෝවක් වූ අතර දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් විවේචන එල්ල වුනා.
නමුත්.. දෙමව්පියන් පවසා තිබුණේ දරුවාව තමන් විසින් "කිසිදු අවදානමකට" ලක් නොකළ බවයි.
හදිසි අවස්ථාවකදී වෛද්‍යවරුන් 12 දෙනෙකුගෙන් යුත් බෝට්ටුවක් ඔවුන් සතු බවද අනාවරණය වුනා.
"ඔහු ඒකෙන් කවදාවත් වැටුනේ නැහැ. අපි ඔහුව ලෑල්ල මත දැමූ විට ඔහු ඒ මත පහසුවෙන් සිටියා..."
"අපි ඔහුගේ ළමා රෝග විශේෂඥයා සමඟ කතා කළා. ඔහු ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. ඔහු ඇත්තටම ඔහුගේ වයසට වඩා ගොඩක් දියුණුයි" යැයි මෙම දෙමව්පියන් පවසා තිබුණා.
Dailymail ඇසුරිනි.