නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ලොකු පුටු දෙකක් මූලස්ථානයට කැඳවයි
Friday, 25 September 2020 - 8:15 | Views - 1,050
අකාර්යක්ෂම සේවාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ දේපළ අංශයේ කළමනාකරු සහ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, එම අධිකාරියේ විගණන අංශයේ පරීක්ෂණ කමිටුවක් මගින් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුවයි.
පෙරේදා (23) දිනයේදී ජනාධිපතිවරයා නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය වෙත ගියේ එහි කටයුතු කාර්යක්ෂමව සිදුනොවන බවට ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි.
නිවාස සංවර්ධන අධිකාරිය තුළ නිලධාරීන් හිඟයක් පවතින බවට ජනාධිපතිවරයා හමුවේ අදාළ ස්ථාන මාරු ලැබූ කළමනාකාරවරියක ප්‍රකාශ කර තිබූ අතර, එවැනි නිලධාරීන් හිඟයක් එම කාර්යාලය තුළ නොමැති බව නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර, අද (25) දිනයේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී අදාළ පරීක්ෂණ කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාවද සාකච්ඡාවට ගැනෙනු ඇති.
Share This Article