නඩත්තුවක් නොමැතිව ජනතාවට අහිමිවෙන කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් ක්රීඩා මණ්ඩපය
Thursday, 24 September 2020 - 12:42 | Views - 446
නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් කරන්දෙණියේ ජනතාවට අහිමි වෙන ක්රීඩා මණ්ඩපයක් ගැනයි අද රතු මිනිත්තුවෙන් අනාවරණය කෙරෙන්නේ.
ගාල්ල - කරන්දෙණිය - පිහිඹියාකන්ද ගුණරත්න වීරකෝන් ක්රීඩා මණ්ඩපය 2009 වසරේ ඉදිකරන ලද අතර මෙම ක්රීඩාංගණය සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 4කට ආසන්නයි.
නමුත්, කරන්දෙණිය ප්රාදේශිය සභාවේ බලධාරීන් ක්රීඩාංගණය නිසි ලෙස නඩත්තු කර පවත්වාගෙන නොයාම හේතුවෙන් මේවන විට එය වල් බිහිවී විනාශමුඛයට යමින් පවතිනවා.
ක්රීඩාංගණයේ ගේට්ටු සහ ක්රීඩා මණ්ඩපය මේවන විට නටඹුන් බවට පත්ව ඇත්තේ විවිධ අපචාර කටයුතුවල නිරතවන්නන්ට තෝතැන්නක් කරමින්.
Share This Article