වසර 27ක් සේවය කළ ලංගම බස් රථය ඉදිරියේ සුදු රෙද්දක් දමා වැඳ නමස්කාර කර රාජකාරියට සමුදුන් රියදුරු මහතා
Thursday, 24 September 2020 - 11:12 | Views - 1,287
අපේ රටේ බස් රියදුරන්ගේ ඇතැම් ක්රියාවන් ගැන මගී ජනතාව මහත් කලකිරීමකින් පසුවනවා.
එවැනි අවස්ථාවක ගල්ගමුව ඩිපෝවේ වසර 27ක් සේවය කල ලංගම බස් රථය තමන්ගේ වගේ පරිස්සම් කරපු රියදුරු මහතෙක් කළ අපූරු ක්රියාවක් ගැන වාර්තාවනවා.
ඔහු නමින් විජේරත්න මහතායි.
ඔහු වසර ගණනාවක් සේවය කළ ලංගම බස් රථය ආදරයෙන් රැකබලාගත්තා සේම සේවයෙන් විශාම යන අවස්ථාවේ බස් රථය ඉදිරියේ සුදු රෙදි කැබැල්ලක් දමා වැඳ නමස්කාර කර සේවයෙන් සමුගත්තා.
ඒ වසර ගණනක් තමන් හා දරුවන් ජිවත් කරන්න ශක්තියක් වූ බස් රථයට කළ හැකි උපරිම නමස්කාරය බවයි ඔහු පවසන්නේ.
එම අවස්ථාව සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණේ එම බස් රථයේ කොන්දොස්තර ලෙස සේවය කළ බස්නායකයි.
ගල්ගමුව ලංගම ඩිපෝ කළමනාකරු දිසානායක මහතා හරහා අප ඔහුව සම්බන්ද කරගෙන එහි තොරතුරු විමසා සිටියා.
එහිදී විජේරත්න මහතා අපට පැවසුවේ මෙවැනි කතාවක්......
Share This Article