පරිසර සුරකින්න ඇමති නාමල්ගෙන් සෑම ගමකටම තරුණ පාරිසරික නියමුවෙක්
Thursday, 24 September 2020 - 10:58 | Views - 532
තරුණ සේවා සභාවට අනුබද්ධිත යෞවන සමාජ නිලධාරින් හා යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු යොදාගනිමින් පරිසර සුරක්ෂිත කිරීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා තරුණ සේවා සභාවට උපදෙස් දී ඇත්තේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පාරිසරික හානි සිදුවන බවට කෙරෙන ප්‍රචාරයන්හී සත්‍ය අසත්‍යතාවය නිවැරදිව සොයා බැලීම ද මෙම යොවුන් පාරිසරික නියමුවන් පත් කිරීමේ එක් අරමුණක්.
සෑම ගම්මානයක්ම ආවරණය වන පරිදි තරුණ පාරිසරික නියමුවන් පත් කර අදාල ගම්මානයේ පාරිසරික විනාශයන් සිදුවන්නේ නම් ඒ පිළිබදව අමාත්‍යංශය දැනුවත් කිරීම වගේම එම පරිසර විනාශය වැළැක්වීමට තරුණ තරුණයින් ලෙස මැදිහත්වීම ද මෙම පරිසර හිතකාමී තරුණ පාරිසරික නියමුවන්ගේ කාර්යභාරය වනවා.
Share This Article