පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ‘‘රත්මලානේ රොහා’’ මරුට
Thursday, 24 September 2020 - 8:45 | Views - 958
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් රත්මලානේ රොහා මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලුයම තුනට පමණ මොහු ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියා බලා පිටත්ව යාම සඳහා කොච්චිකඩේ - කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටියදී බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස මියගිය බවයි.

සැකකරු සතුව තිබී ටී 56 ගිනි අවියක්, රිවෝල්වරයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ තුනක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

2016 වසරේ නොවැම්බර් 15 වන දින කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තවත් නිලධාරීන් දෙදෙනෙකුට  තුවාල සිදුකිරීම, 2007 වසරේ රත්මලාන - ගොනාකෝවිල අසළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, එම වසරේම අදාල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුද මොහුට එරෙහිව අධිකරණ කිහිපයක පවතිනවා.

එමෙන්ම රත්මලාන ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා මුදල් කොල්ලයක් සිදුකිරීම, 2014 වසරේදී ගල්කිස්සේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයකදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඇතුලු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිකරණ කිහිපයකම නඩු පවතින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඔහු ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙසද සැළකෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top