හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ රම්පදෙණිය ප්රදේශයෙන් ගමනාගමනයට බාධා
Thursday, 24 September 2020 - 8:22 | Views - 533
හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ගිණිගත්හේන - රම්පදෙණිය ප්රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරළීම හේතුවෙන් අද උදෑසන සිට ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
හැටන් හිරු වාර්තාකරු සඳහන් කළේ මෙම සිද්ධියත් සමඟ තවත් ගල් කිහිපයක්ද ප්රධාන මාර්ගයට ගැළවී ඒමේ අවදානමක් පවතින බවයි.
මේ හේතුවෙන් ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.
Share This Article