හදිසියේ මියගිය බලංගොඩ සිසුවියගේ මරණය ඝාතනයක්
Thursday, 24 September 2020 - 8:15 | Views - 2,128
බලංගොඩ - ඕලුගන්තොට - බණ්ඩාරවත්ත ප්රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක මියයෑම ඝාතනයක් බවට හෙලි වී තිබෙනවා.
ඒ, බලංගොඩ මූලික රෝහලේදී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.
මෙම පාසල් සිසුවියගේ ගෙළ සිර කර ඝාතනය කර ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ.
පෙරේදා දහවල් සිය නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ මෙම දැරිය ඝාතනය කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැක සහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article