සහල් මිල ඉහලට
Wednesday, 23 September 2020 - 13:17 | Views - 650
වෙළඳපොලේ සහල් මිල මේ වනවිට රුපියල් 100 මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් කියා සිටියේ සම්බා සහල් වර්ගවල මිල මේ වනවිට පාලන මිල ඉක්මවා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, රට තුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 224 ක ණය මුදලක් ඉල්ලා සිටීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මාස 4 ක කාලයක් සඳහා මෙම ණය මුදල ඉල්ලා ඇති අතර, ඒ සඳහා භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කරන්නැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.
ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ සහල් මෝල් හිමියන්ගේ සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් සහල් හිඟයක් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
Share This Article