මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ල ගැන විධිමත් පරීක්ෂණයක් සිදුනොවන බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් චෝදනා
Wednesday, 23 September 2020 - 13:11 | Views - 541
මහනුවර - බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණයක් සිදුනොවන බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ගොඩනැගිල්ලට යටවීමෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමව්පියන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය ඉරිදා අලුයම අදාළ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මොවුන් ජිවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස් නිලධාරින් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය, සිද්ධියට අදාළව අසල පිහිටි නිවෙස්වල සී.සී.ටී.වී. දර්ශන සහ ගොඩනැගිල්ල අයත් අනුර ලෙව්කේ නමැත්තාගෙන් විධිමත් ප්‍රකාශයක් මෙතෙක් ලබා ගෙන නොමැති බවයි.

මේ අතර, මෙම සිද්ධියෙන් පසුව මහනුවර නගරයේ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ පත් කළ කමිටුව අද ප්‍රථම වරට රැස්වුණා.

ඒ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයේදීයි.

කමිටුව රැස්වීමෙන් පසු නගරයේ අවිධිමත් සහ අනවසර ගොඩනැගිලි පරීක්ෂා කිරීමට ද නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top