හේමසිරිට සහ පූජිත්ට එරෙහි විමර්ශන අවසන් බව සී.අයි.ඩී ය අධිකරණයට කියයි
Wednesday, 23 September 2020 - 11:21 | Views - 2,344
පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය වලක්වා ගැනීමට ක්රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්රාත් ආර්.යු. ජයසූරිය ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.
ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී අදාළ ප්රහාරය වළක්වා ගැනීමට ක්රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරි පැහැර හැර මිනීමැරීම යන චෝදනාව මොවුන්ට එල්ල වී තිබෙනවා.
එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් බැවින් මොවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවයි.
Share This Article