මුහමාලෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් කොටස් හමුවේ
Wednesday, 23 September 2020 - 10:42 | Views - 405
කිලිනොච්චිය, පලෙයි - මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායමක් සිදුකළ කැණීමකදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් කොටස්, මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
එසේම, එල්.ටී.ටී.ඊ සංවිධානය සිය සාමාජිකයින් වෙනුවෙන් ලබාදී බවට සැක කෙරෙන නිල අංක තහඩු කිහිපයක් ද ඊයේ කළ මෙම කැණීමේදී සොයා ගැණුනා. අනතුරුව, එම ස්ථානය කිලිනොච්චි මහේස්ත්‍රාත් ටී.සරවණභවන් රාජා පරීක්ෂාවට ලක් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
යුධ සමයේ එල්.ටී.ටී.ඊ ඉදිරි ආරක්ෂක වළල්ල මෙම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවති අතර, එහි බංකරයක් තුළ මියගිය පිරිසකට අදාළ උපකරණ මෙලෙස හමුවන්නට ඇති බවට පොලීසියි සැක කරනවා.
Share This Article