බස්, කාර්යාල සහ පාසල් ප්‍රවාහන සේවා අද සිට එකම මංතීරුවක
Wednesday, 23 September 2020 - 9:50 | Views - 362
අද සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය 14 වනදා සිටයි.
ඒ අනුව, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ - අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත්, බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත්, ගාලු පාරේ වැල්ලවත්ත - විලියම් හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වාත්, පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මකයි.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට බස් ප්‍රමුඛතා මංතීරුව හැර අනෙකුත් මංතීරු භාවිත කළ හැකි බවයි.
Share This Article