ඇමෙරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි
Wednesday, 23 September 2020 - 9:30 | Views - 479
ඇමරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24 මරණ 946ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දෙලක්ෂ 5448ක් ලෙසයි.
නව ආසාදිතයන් 35,354ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ ලක්ෂ 97,595ක් ලෙස දැක්වුණා.
ගතවූ පැය 24 වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තා වනවා.
නව මරණ 1056ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 90,021ක් ලෙස සටහන් වූ අතර නව ආසාදිතයන් 80,391ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 56 ලක්ෂ 40,496ක් ලෙසයි.
ඒ අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3 කෝටි 17 ලක්ෂ හැටහතර දහස් එකසිය අනූ පහක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව 9 ලක්ෂ 74, 559ක් ලෙස සටහන් වනවා.
Share This Article