බාල වයස්කාර දරුවාගේ අත්පා බැඳ බරපතළ නරුම වැඩක් කළ විසිහත් හැවිරිදි පුද්ගලයාට ඇප
Wednesday, 23 September 2020 - 9:20 | Views - 448
එකම පුතා රැක ගැනීමේ ජීවන සටනක යෙදී සිටින මවකගේ 12 හැවිරිදි පුතා උපක‍්‍රමශීලීව තම නිවසට කැඳවා ඔහුගේ අත්පා බැඳ ඔහුට කෲර ලෙස ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මාස 1 1/2 කට අධික කාලයක් රිමාන්ඩ්ව පසු වූ 27 හැවිරිදි අවිවාහකයකු දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් තුන් ලක්‍ෂ පහළොස් දහසක මුදල් සහ ශරීර ඇප මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.
 
ඇප නියම වූ සැකකරු වූයේ සීදුවේ පදිංචිකරුවකු වන අවිවාහකයෙකි. ඔහුට විදේශගත වීම තහනම් කෙරුණි.
 
මීගමුව රිමාන්ඞ් බන්ධනාගාරය මගින් සැකකරු අධිකරණය හමුවට පැමිණ වූ අවස්ථාවේ ඔහුගේ මුහුණේ ප්ලාස්ටර් දැමූ තුවාල රැසක් දක්නට තිබිණි.

එම තුවාල සැකකරුගේ අපචාර කි‍්‍රයාව නිසා කෝප වූ ප‍්‍රදේශවාසීන් විසින් කළ පහරදීමෙන් සිදුවූ තුවාල බව අධිකරණයේදී හෙළි විය. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය. ඇප අයැදුම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් කරුණාතිලක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය පැවැත්වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top