බාල වයස්කාර දරුවාගේ අත්පා බැඳ බරපතළ නරුම වැඩක් කළ විසිහත් හැවිරිදි පුද්ගලයාට ඇප
Wednesday, 23 September 2020 - 9:20 | Views - 449
එකම පුතා රැක ගැනීමේ ජීවන සටනක යෙදී සිටින මවකගේ 12 හැවිරිදි පුතා උපක්රමශීලීව තම නිවසට කැඳවා ඔහුගේ අත්පා බැඳ ඔහුට කෲර ලෙස ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මාස 1 1/2 කට අධික කාලයක් රිමාන්ඩ්ව පසු වූ 27 හැවිරිදි අවිවාහකයකු දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් තුන් ලක්ෂ පහළොස් දහසක මුදල් සහ ශරීර ඇප මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.
ඇප නියම වූ සැකකරු වූයේ සීදුවේ පදිංචිකරුවකු වන අවිවාහකයෙකි. ඔහුට විදේශගත වීම තහනම් කෙරුණි.
මීගමුව රිමාන්ඞ් බන්ධනාගාරය මගින් සැකකරු අධිකරණය හමුවට පැමිණ වූ අවස්ථාවේ ඔහුගේ මුහුණේ ප්ලාස්ටර් දැමූ තුවාල රැසක් දක්නට තිබිණි.
එම තුවාල සැකකරුගේ අපචාර කි‍්‍රයාව නිසා කෝප වූ ප්‍රදේශවාසීන් විසින් කළ පහරදීමෙන් සිදුවූ තුවාල බව අධිකරණයේදී හෙළි විය. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය. ඇප අයැදුම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් කරුණාතිලක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය පැවැත්වේ.
Share This Article