බලන්ගොඩ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයයි
Wednesday, 23 September 2020 - 9:04 | Views - 851
බලන්ගොඩ පින්නවල ඕලුගන්තොට බංඩාරවත්ත ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ පස්වරුවේ අභිරහස් ලෙස මියගොස් සිටි පාසල් සිසුවියකගේ මළසිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ පස්වරුවේ ඇයගේ මව යළි නිවසට පැමිණි අවස්ථාවේදීයි ඇඳ අසල මියගොස් සිටි සිසුවියගේ මළසිරුර දැක ඇත්තේ.

පසුව ඇය විසින් කළ දැනුම්දීමකට අනුව ප්‍රදේශවාසීන් එක්ව සිසුවිය බලන්ගොඩ රෝහළ වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දැරිය ඒ වනවිටත් මියගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top