හිසට වෙඩි තබා කොටියෙක් ඝාතනය කරයි (ඡායාරූප)
Tuesday, 22 September 2020 - 19:18 | Views - 566
හිසට වෙඩි තබා ඝාතනය කළ කොටියෙක්ගේ සිරුරක් මස්කෙලිය - බ්‍රවුන්ලෝ වතුයායේ තිබී සොයාගෙන තිබෙනවා.

වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරකට අනුව එය සොයාගෙන ඇති අතර, සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නල්ලතන්නිය වනජීවි කාර්යාලය සඳහන් කළේ.

අවුරුදු 06 ක් පමණ වයසැති කොටියාගේ හිසේ උණ්ඩ 03 ක සලකුණු ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top