'වන්දි එපා., සාධාරණය ඉටු කරන්න' මහනුවර කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලට යටවී මියගිය අයගේ පවුලේ ඥාතීන් ඉල්ලයි
Tuesday, 22 September 2020 - 15:06 | Views - 1,713
මහනුවර -  බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් දිවි අහිමි වූ මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමාපියන්ගේ දේහයන් මේ වනවිට එම ප්‍රදේශයේම අසල්වැසි නිවසක තැන්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ දේහයන් මහනුවර ජාතික රෝහලේ සිට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ අනතුර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තවත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට රජය විසින් පුළුල් මැදිහත් වීමක් අවශ්‍ය බවද ඥාතීන් ප්‍රකාශ කළා.  

මහනුවර - බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු ගොඩනැගිල්ල ඊට පහලින් තිබු තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ පෙරේදා අලුයම් කාලයේදියි.

කඩා වැටුනු ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් වන අතර, ඔහු විසින් සිද්ධිය වූ දින දහවල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තම නිවස කඩා වැටී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top