හිටපු ජනපති සහ අගමැතිට පාස්කු කොමිසමේ සාක්ෂි දෙන්න දින දෙයි
Tuesday, 22 September 2020 - 13:35 | Views - 455

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබන ඔක්තෝම්බර් 05 වන දින එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් කෙරුණු සම්පූර්ණ විමර්ශනවලින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කර එම සියලු‍ විමර්ශන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට භාරදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී කටයුතු කර ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ හෙළිවුණා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී ඊයේ පස්වන දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මීට පෙර සාක්ෂි ලබාදුන් අවස්ථා කිහිපයේදීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් සමඟ පැවති විරසක භාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් යළි විමසමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ, හිටපු ජනාධිපතිවරයා සහ ඔහු අතර විරසකය මුලින්ම ඇති වූයේ කුමන කාලයකදී ද යන්නයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ පමණ එම විරසකය හටගත් බවත්, එය දිනෙන් දින උත්සන්න වූවා මිස අඩුවීමක් නොවූ බවත් හේමසිරි ප්‍රනාන්දු  පිළිතුරු දෙමින් පැවසුවා.

ඊට හේතුවක් ලෙස ඔහු සඳහන් කළේ විවිධ පාර්ශ්ව තමා සම්බන්ධයෙන්වන අසත්‍ය කරුණු ජනාධිපතිවරයාට පවසා විවිධ බලපෑම් කර විරසකයක් නිර්මාණය කළ බවයි.

අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගේ අවධානය, පාස්කු ඉරුදිනට පෙර අවසන් බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ 2019 වර්ෂයේ අප්‍රේල් මස 16 දිනට ගෙන ගියා.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ප්‍රහාරයට පෙර අප්‍රේල් 16 අඟහරුවාදා රැස්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ද යන්නයි.

ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එහිදි සාක්ෂි දෙමින් කියා සිටියේ අවුරුදු සමය නිසා ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා ඇතුළු බොහෝ පාර්ශව නිවාඩු ඉල්ලු‍ම් කර තිබු නිසා එම රැස්වීම නොපවැත්වු බවයි.  

පසුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ‍විනාඩි 5න් රැස්වීම අවසන් විමෙන් ඇගවෙන්නේ ඔබේ පරිපාලනයේ දුර්වලකම නෙවෙයිද යන්නයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ මගේ පරිපාලනයේ දුර්වලකමක් නොමැති බවත් තොරතුරු ලබාදිය යුතු අය තොරතුරු ලබා නොදුන් බවයි.

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා එහිදි ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධනට ඒ කටයුතු භාර දුන්නා බව  ඔප්පු කරන්න පුලු‍වන් ද  යන්නයි.

ඊට සාක්ෂී ලබා දෙමින් හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එය ඔප්පු කළ හැකි බවයි.

මේ  අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(22) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන ඔක්තෝම්බර් 06 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට එම කොමිසම දැනුම් දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top