මහනුවර නගරයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක්
Tuesday, 22 September 2020 - 10:03 | Views - 312
මහනුවර නගරයේ පිහිටා ඇති අවදානම් සහගත ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයා බැලීමක් අද (22) ආරම්භ කෙරෙනවා.
ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මඟින්.
ඊයේ (21) පැවති සාකච්ඡාවකදී මෙම විශේෂඥ කමිටුව පත් කළ අතර, ආණ්ඩුකාරවරයා සඳහන් කළේ එම කමිටුවේ වාර්තාව සති දෙකකින් තමන්ට ලැබීමට නියමිත බවයි.
මේ අතර, දිවයින පුරා අවදානම් සහිත ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස 12,000 ක් පමණ හඳුනා ගෙන ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
Share This Article