ගිං ගඟට පැන අතුරුදන්වූ සැකකරු සොයා තවදුරටත් විමර්ශන
Tuesday, 22 September 2020 - 8:53 | Views - 940
කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩා ගැනීම සම්බන්ධයෙන් ප්රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දුන් සැකකරුවෙකු ඉන් මිදී ගිං ගඟට පැන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඊයේ පස්වරුවේ මෙම සැකකරු ප්රදේශවාසීන් විසින් අල්ලාගෙන බද්දේගම පොලීසියට භාර දී තිබෙනවා.
එහිදී සැකකරු රැගෙන යන අවස්ථාවේදී පොලිස් භාරයෙන් මිදී ගිං ගගට පැන අතුරුදන්වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
මීටියගොඩ - බේරතුඩුව ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු සොයා කිමිඳුම්කරුවන් ද මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ගල්කිස්ස පොලීසිය රත්මලාන සහ බඩෝවිට ප්රදේශවල ඊයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 728 ක් සමග 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article