ගිං ගඟට පැන අතුරුදන්වූ සැකකරු සොයා තවදුරටත් විමර්ශන
Tuesday, 22 September 2020 - 8:53 | Views - 941
කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දුන් සැකකරුවෙකු ඉන් මිදී ගිං ගඟට පැන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ පස්වරුවේ මෙම සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන බද්දේගම පොලීසියට භාර දී තිබෙනවා.

එහිදී සැකකරු රැගෙන යන අවස්ථාවේදී පොලිස් භාරයෙන් මිදී ගිං ගගට පැන අතුරුදන්වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

මීටියගොඩ - බේරතුඩුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු සොයා කිමිඳුම්කරුවන් ද මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 එමෙන්ම ගල්කිස්ස පොලීසිය රත්මලාන සහ බඩෝවිට ප්‍රදේශවල ඊයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 728 ක් සමග 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top