තම ලෙයින් උපන් කිරි කැටියා කැබිනට් ලාච්චුවක දමා ඝාතනය කළ පාපතර මවට සිදු වූ දේ
Monday, 21 September 2020 - 15:58 | Views - 313

දිනක් වයසැති බිලිඳියක ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් තිස්තුන් හැවිරිදි දෙදරු මවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවයි පොලිසිය කියා සිටියේ.
ඇය දරුවා නිවසේදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව මෙලෙස කැබිනට් ලාච්චුව තුළට දමන්න ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
පසුගියදා උදර ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සැකකාර මව රක්වාන ප්‍රාදේශීය රෝහල වෙත ගොස් තිබෙනවා.
එහිදී වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ, ඇය දරුවෙකු ප්‍රසූත කර ඇති බවටයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමටයි රෝහලේ කාර්ය මණ්ඩලය කටයුතු කළේ.
ලද පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශනවලදී පුසූත කළ බිලිඳිය නිවසේ තිබු කැබිනට් ලාච්චුවකට දැමු බව පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
දරු ප්‍රසූතියෙන් අනතුරුව අධික ලෙස ලේ වහනය වීම හේතුවෙන් ඇය රෝහල්ගත වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මේ වනවිට එම කාන්තාව කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්.
මේ අතර වසර කිහිපයක් පුරා සැමියාගෙන් වෙන්ව සිටින ඇය පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගෙන් මෙම ගැබ් ගැනීම සිදු වන්නට ඇති බවත්, අසල්වාසින්ගෙන් එය සැඟවීමට මෙය සිදු කරන්නට ඇති බවත් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
බිලිඳු මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රක්වාන පොලිසිය විසින් ක්‍රියාත්මකයි.
Share This Article