මංතීරු නීතිය අනුගමනය කිරීමක් දක්නට ලැබෙනවා
Monday, 21 September 2020 - 14:00 | Views - 478
ජනතාව ස්වයං අවබෝධයකින් යුතුව මංතීරු නීතිය අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
අද (21) පෙරවරුවේ මංතීරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මංතීරු නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අදින් ආරම්භ වන සතිය තුල ද දඩ නියම කිරීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා අතර නෛතික පියවරක් ලෙස එම රියදුරන් වීඩියෝ දර්ශන හා ඡායාරූප මගින් හඳුනාගෙන පසුව ඉරිදා දිනයන්හි කැඳවා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය 14 වනදා සිටයි.
Share This Article