MT නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් සුබවාදී ප්‍රතිචාරයක්
Monday, 21 September 2020 - 13:02 | Views - 349
ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ලක් රජයට රුපියල් මිලියන 340ක ගාස්තුවක් ගෙවිය යුතු බවට නීතිපතිවරයා කළ දැනුම්දීමට අදාළ නෞකාව  පිළිබඳව කටයුතු කරන පාර්ශව සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ අද (21) පැවැත්වෙන සාකච්ඡාවකදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවයි එහි සභාපතිනි නිීතිඥ දර්ශණි ලහදපුර කියා සිටියේ.

මේ මස තුන්වනදා බොරතෙල් රැගෙන ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්න හටගත් අතර, එය නිවා දැමීමේ වියදම ලෙස රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් අදාල නැව් සමාගම වෙත යොමුකිරීමටයි නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.   

මෙමගින් කාන්දුවූ ඝන දැවි තෙල් හේතුවෙන් සාගරයට සිදුවූ හානිය තක්සේරු කිරීම මෙරට විශ්වවිද්‍යාලවල විශේෂඥයින් කණ්ඩායමක් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බව සභාපතිවරිය කියා සිටියා.

නෞකාව තවදුරටත් නැගෙනහිර මුහුදේ රඳවාගෙන ඇති අතර, එමඟින් යළි ඉන්ධන කාන්දුවක් හෝ ගිනිගැනීමක් ඇතිවීමට අවස්ථාවක් නොමැති බවට නෞකාවේ ගළවාගැනීමේ කණ්ඩායම දැනුම්දී ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිණිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top