මෙච්චර ඉක්මනට උඹලා දෙන්න දරුවත් එක්කම ...අපිව දාලා යයි කියල හිතුවේ නෑ
Monday, 21 September 2020 - 12:24 | Views - 403
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ඊයේ උදෑසන ගිලාබැසීමට ලක්වී කඩාවැටුණා.
 
එම ගොඩනැගිල්ල කඩාවැටුණේ ඒ අසළ පිහිටි හෝටලයක් සහ නිවසක් මතටයි.
 
එම සුන්බුන්වලට යටවූ මාස එකහමාරක් වයසැති බිළිඳෙකු ගළවාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගත් අතර, රෝහල් ගත කිරීමේදී එම බිළිඳා ජීවිතක්ෂයට පත්වුණා.
 
සුන්බුන් අතර සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරාගත් අතර, පොලීසිය පැවසුවේ තවත් යුවළක් සුන්බුන් අතර, සිරවී සිටි බවයි.
 
ඔවුන් බේරාගැනීම සඳහා මහනුවර නගර සභාව, පොලීසිය මෙන්ම යුද හමුදාවද ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා.
 
ෙකෙසේ වෙතත් මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා.
 
ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
 
මේ අතර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය යුවළ ගැන මුහුණු පොතේ සංවේදී සටහනක් පළවී තිබුණා.
 
එම සටහන පහතින්.....
 
"උඹල දෙන්නා ජීවිතේ පටන්ගත්ත විතරයි...
 
මෙච්චර ඉක්මනට උඹලා දෙන්න දරැවත් එක්කම ...
අපිව දාලා යයි කියල හිතුවේ නෑබං...
 
Chamila
Achala
Onela Ekanayaka
 
නිවන් සුව....."
Image may contain: one or more people and people sitting
Image may contain: plant, tree, sky and outdoorImage may contain: plant and outdoor

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top