ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටී දසදෙනෙකු ජීවිතක්ෂයට
Monday, 21 September 2020 - 11:11 | Views - 480
ඉන්දියාවේ - මුම්බායි නගරයේ තුන් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සුන්බුන් අතර සිරවී සිටි 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම 25 දෙනෙකු පමණ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවට ද වාර්තා වනවා.
Share This Article