වත්තල ප්රදේශ කිහිපයකට අද රාත්රි අටේ සිට ජල කප්පාදුවක්
Monday, 21 September 2020 - 9:52 | Views - 343
වත්තල ප්රදේශ කිහිපයකට අද රාත්රී අටේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කළා.
හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව සඳහන්.
ඒ අනුව වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලගහදූව සහ ඇළකන්ද යන ප්රදේශවලට අද රාත්රි අටේ සිට හෙට රාත්රී අට දක්වා ජල සැපයුම අත්හිටවෙනු ඇති.
Share This Article