ට්‍රම්ප් මරන්න එවූ වස දැමූ ලියුමක් ආරක්ෂක අංශවලට හසුවෙයි
Monday, 21 September 2020 - 9:41 | Views - 489
කිසියම් පිරිසක් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හට වස අඩංගු කරන ලද ලිපියක් තැපැල් මාර්ගයෙන් එවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා හෝ ධවල මන්දිරය වෙත ලැබෙන ලිපි ආරක්ෂිත පියවරක් ලෙස ඊට පෙර ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරන අතර එසේ පරීක්ෂා කිරීමේදී අදාළ ලිපියේ වස අඩංගු බව හඳුනාගෙන ඇති බවත් සඳහන්.
එම වස වර්ගය එඬරු ඇට වල ස්භාවිකව හමුවන විෂ වර්ගයක් බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ ලිපිය කවර ප්‍රදේශයක සිට කවරකු විසින් එවන ලදද්ක් දැයි සෙවීමට මේ වන විට ඇමරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දැනට හෙළිවී ඇති කරුණු අනුව මෙය කැනඩාවේ සිට එවන ලද්දක් බවට සැක කරයි . මේ වන විට කැනඩා පොලිසියද මෙම පරීක්ෂණ සඳහා ඇමරිකානු බලධාරීන්ද යෙදා ගෙන ඇති බවත් පැවසෙනවා.
මෙම විෂ වර්ගය ශරීරගත වුවහොත් ශරීරයේ අභ්‍යන්තර ලේ ගැලීම් හා අවයව අකර්මණ්‍යවීම සිදුවන අතර පුද්ගලයකුට ශරීර ගතවී පැය 36 ත් 72 ත් අතර මරණය සිදුවිය හැකි බවද අවධාරණය කර තිබෙනවා.
Share This Article