ට්‍රම්ප් මරන්න එවූ වස දැමූ ලියුමක් ආරක්ෂක අංශවලට හසුවෙයි
Monday, 21 September 2020 - 9:41 | Views - 490
කිසියම් පිරිසක් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හට වස අඩංගු කරන ලද ලිපියක් තැපැල් මාර්ගයෙන් එවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා හෝ ධවල මන්දිරය වෙත ලැබෙන ලිපි ආරක්ෂිත පියවරක් ලෙස ඊට පෙර ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරන අතර එසේ පරීක්ෂා කිරීමේදී අදාළ ලිපියේ වස අඩංගු බව හඳුනාගෙන ඇති බවත් සඳහන්.

එම වස වර්ගය එඬරු ඇට වල ස්භාවිකව හමුවන විෂ වර්ගයක් බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ ලිපිය කවර ප්‍රදේශයක සිට කවරකු විසින් එවන ලදද්ක් දැයි සෙවීමට මේ වන විට ඇමරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දැනට හෙළිවී ඇති කරුණු අනුව මෙය කැනඩාවේ සිට එවන ලද්දක් බවට සැක කරයි . මේ වන විට කැනඩා පොලිසියද මෙම පරීක්ෂණ සඳහා ඇමරිකානු බලධාරීන්ද යෙදා ගෙන ඇති බවත් පැවසෙනවා.

මෙම විෂ වර්ගය ශරීරගත වුවහොත් ශරීරයේ අභ්‍යන්තර ලේ ගැලීම් හා අවයව අකර්මණ්‍යවීම සිදුවන අතර පුද්ගලයකුට ශරීර ගතවී පැය 36 ත් 72 ත් අතර මරණය සිදුවිය හැකි බවද අවධාරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top