මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ නායයාමකින් නොවන බවට තොරතුරු
Monday, 21 September 2020 - 9:20 | Views - 1,287
මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩාවැටීමට හේතුව නායයෑමක් නොවන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යූහයේ ප්‍රමිතිය මෙන්ම, භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගිලාබැසීම සිදුව ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක් මැද බවටද හඳුනාගෙන තිබෙනවා.

එම භූමියට නොගැළපෙන තවත් එවැනි ඉදිකිරීම් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

කඩාවැටීමට ලක්වූ ගොඩනැගිල්ල මීට වසර 15 කට පමණ පෙර සිදුකළ ඉදිකිරීමක්, නවීකරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා නිසි අවසර ලබාගෙන ඇත්ද යන්න සහ දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබලන බවත් මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ සිදුවු ගොඩනැගිල්ල කඩාවැටීමත් සමඟ ඒ අවට නිවාස හතරක පුද්ගලයන් විසිදෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ඊයේ අලුයම 5 ට පමණ මෙම පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමකට ලක්වී ඊට පහළින් පිහිටි තවත් නිවසක් සහ හෝටලයක් මතට ද කඩා වැටී තිබුණා.

කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටියදී පළමුව සොයාගනු ලැබුවේ මාස එකහමාරක් වයසැති බිළිඳියගේ සිරුරයි.

පසුව අවුරුදු 32 ක් සහ 35 ක් වයසැති මව සහ පියාගේ මළ සිරුරු සොයාගත්තා.

සිද්ධියෙන් මියගිය අයගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු දිවි ගළවාගනු ලැබුවා.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටා ඇති බූවැලිකඩ ප්‍රදේශයේ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊයේ පස්වරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නිරීක්ෂනයට ලක් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top