අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම හිමියන්ට විනය ක්‍රියාමාර්ග
Monday, 21 September 2020 - 8:39 | Views - 479
අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ සම්මේලනයේදී තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මහ සම්මේලනය ඊයේ (20) පැවැත්වුණේ රාජගිරිය - ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේදියි.

එහිදී පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා වංචනිකව එම හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතු කොටගෙන මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වුණා.

එමෙන්ම මෙම හිමියන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවටද යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

අපේ ජනබල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හිමිවිය යුතු බවට ඉදිරිපත්වූ යෝජනාවද සම්මත වී තිබුණා.

පළමුව එම මන්ත්‍රි ධුරයේ පක්ෂ සභාපති සමන් පෙරේරා දිවුරුම්දීමෙන් පසු ඉල්ලා අස්වී අදාළ පුරප්පාඩුව සඳහා ඥාණසාර හිමියන් නම් කළ යුතු බවටයි මෙහිදී යෝජනා සම්මත කරගෙන ඇත්තේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top