ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් වැසි - මුහුදත් රළු වෙයි
Sunday, 20 September 2020 - 14:18 | Views - 683
සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරත්මක සුළං මෙන්ම තද වැසි ඇතිවිය හැකි අතර, එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article