සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක්
Saturday, 19 September 2020 - 13:07 | Views - 386
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එහි සමාරම්භක උත්සවය අද ගල්කිස්ස වෙරළතීරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සම්ද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් මෙවර අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සමරනු ලබන්නේ නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන තේමාවෙන්.
එහි සමාරම්භක උත්සවයට එක් වූ අග්‍රාමාත්‍යවරයා ජගත් සාගර දිනයට සමාගාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහන් සහතික පත්‍ර ප්‍රධානය කළා.
සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍යතුමා අතින් සමරු තිළිණයක්ද පිරිනැමුණා.
වෙරළ පවිත්‍රතා දිනය සමරමින් මෙම සතිය පුරා දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර ඒ යටතේ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදුකිරීමට නියමිතයි
Share This Article