බස් මංතීරු නීතියට එරෙහි පෞද්ගලික බස් රථ වර්ජනය හකුලා ගනී
Saturday, 19 September 2020 - 12:57 | Views - 1,042
බස් මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල සඳුදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඊයේ දිනයේ තදබදයකින් තොරව බස් රථ ධාවනය කිරීමට අවස්ථාව හිමිවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹ තිබෙනවා.
බස්නාහිර පළාතේ මාර්ග 4ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුව ඊයේ අවසන් වුණා.
බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුව ආරම්භ කිරීමෙන් පසු පසුගිය 15 වැනිදා පොලිසිය නිවේදනය කළේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි බස් රථ සඳහා වෙන්කර ඇති මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බවටයි.
ඒ අනුව බස් රථ, ත්‍රී රෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කිරීමට රියදුරන් කටයුතු කල අතර පසුව ඇති වූ තදබදය නිසා රියදුරන් පීඩාවට පත්ව සිටිනු මෙලෙස දැක ගත හැකිවුණා.
මෙම මංතීරු නීතිය සම්බන්ධයෙන් හිරු වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා.
Share This Article