බස් මංතීරු නීතියට එරෙහි පෞද්ගලික බස් රථ වර්ජනය හකුලා ගනී
Saturday, 19 September 2020 - 12:57 | Views - 1,043
බස් මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල සඳුදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඊයේ දිනයේ තදබදයකින් තොරව බස් රථ ධාවනය කිරීමට අවස්ථාව හිමිවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹ තිබෙනවා.

බස්නාහිර පළාතේ මාර්ග 4ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුව ඊයේ අවසන් වුණා.

බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුව ආරම්භ කිරීමෙන් පසු පසුගිය 15  වැනිදා පොලිසිය නිවේදනය කළේ  ත්‍රිරෝද රථ සහ යතුරුපැදි බස් රථ සඳහා වෙන්කර ඇති මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බවටයි.

ඒ අනුව බස් රථ, ත්‍රී රෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කිරීමට රියදුරන් කටයුතු කල අතර පසුව ඇති වූ  තදබදය නිසා රියදුරන් පීඩාවට පත්ව සිටිනු මෙලෙස දැක ගත හැකිවුණා.

මෙම මංතීරු නීතිය සම්බන්ධයෙන් හිරු වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top