පරමුණායි දූපතෙන් කේරළ ගංජා කිලෝ 32 ක් සොයාගනී
Saturday, 19 September 2020 - 11:31 | Views - 428
කල්පිටිය - බත්තලංගුණ්ඩුව දූපත ආසන්නයේ ඇති පරමුනායි දූපතේ සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 32 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙුයමකදී අතහැර දමන ලද ධීවර වාඩියක ජාවාරම්කරුවන් විසින් පාර්සල් 15 ක් වශයෙන් සකස් කර සගවා තිබියදී සොයා ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට භාරදී තිබෙනවා.

මේ අතර, ඇල්පිටිය ප්‍රදේශයේදී ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 6 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම පාසල් තුළ සංසරණය වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සදහා ශිෂ්‍ය භට කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යොදා ගැනීමට පියවර ගන්නා බව ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ජේ.ආර්.කුලතුංග ප්‍රකාශ කළා.

ජාතික ශිෂ්‍ය භට බලකායේ මධ්‍යම පළාතේ 28 වන බාලිකා බලඇණියේ අධීක්ෂණය සදහා ඊයේ පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top