වෙළඳපොලේ, කහ හිඟයක් පැවතිය ද කහ ආනයනය කිරීමක් කිසිවිටෙකත් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය කහ ගොවියා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතු බැවින් කිසිවිටෙකත් කහ ආනයනය කිරීමට කටයුතු නොකරන බවයි.
කෙසේ වෙතත්, කහ ආනයනකරුවන් ඉල්ලා සිටින්නේ මෙරටට ආනයනය කර කර රේගුවේ රඳවා ඇති කහ වෙළඳ පොලට නිකුත් කිරීමට අවසර ලබා දෙන ලෙසයි.
මේ අතර, නීතිවිරෝධී ලෙස රේගුවෙන් පිටතට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 33,000 ක් සහිත කන්ටේනර් තුනක් සහ ලොරි රථ 7 ක් සමඟ සැකකරුවන් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඒවා වීදුරු ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙන්වා තිබෙනවා.
එමෙන්ම, මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන ආ තවත් කහ කිලෝග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් හලාවත මෝයකට ආසන්න ඩිංගි බෝට්ටුවක තිබී වෙරළාරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගත්තා.
මේ අතර, පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ තුනපහ කුඩු කිලෝ 100 ක් හැටන් නගරයේදී සොයා ගැණුනා.