අබිගායිල් එලිස්... ඇය 27 හැවිරිදි මවක්.. ඇගේ ආදරණීය පෙම්වතා වූනේ ස්ටීවන් ජොයින්ස්. ඔහුට අවුරුදු 35යි.
මේ යුවළ පදිංචි වෙලා හිටියේ එක්සත් ජනපදයේ, දකුණු යෝක්ෂයර් හි ඩොන්කාස්ටර් නගරයට නුදුරින් ටුඩ්ලන්ඩ්ස් කියන පෙදෙසේ.
දැන් අපි කතාවට එමු. ඔවුන්ට දාව උපන්න දරුවා නොහිතපු විදිහට ඔවුන් දෙදෙනාව හැර යනවා.
ඇත්තටම ඔවුන්ට ඔවුන්ගේ දින 12ක් වයසැති බිළිඳාව අහිමි වුනේ කොහොමද?
ඒක නම්..... හුඟක් දුක හිතෙන කතාවක්.. මේ පුංචි දරුවාට දිවි අහිමි වෙන්නේ සුනඛයෙකුගේ ප්රහාරයෙන්. මේ හිත්පිත් නැති සුනඛයා මහා දරුණු විදිහට දරුවාගේ හකු වලින් අල්ලාගෙන ගොස් තිබුණා.
දරුවාගේ පියා දරුවාව මුදවා ගන්න අපමණ වෙහෙස දැරුවත් ඒක සාර්ථක වෙලා නැහැ.
දරුවාගේ මව අබිගායිල්, ඒ වෙද්දි ඉඳලා තියෙන්නේ නාන කාමරයේ.
අවසානයේ මේ මවටත් පියාටත් අත්අඩංගුවට පත් වෙන්න සිද්ධ වෙන්නේ "දරුවා ගැන නොසැලකිලිමත් වීම සහ ඒ මත ඝාතනයක් වුනා" කියන චෝදනාව මතයි.
කොහොම නමුත්, පරීක්ෂණ පැවැත්වෙන හෙයින් ඔවුන්ව ඇප මත මුදා හැර ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
"මම කවදාවත් මට සමාව දෙන්නේ නැහැ..." මව එහෙම කියන්නේ තද වේදනාවකින්.
මේ ඛේදවාචකය නිසා අසල්වැසියන් මෙන්ම ඥාතීන්ද දැඩි ශෝකයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එලිස්ගේ දරුවන් තිදෙනෙකුගේ පියා වන ජොයෙල් මිය ගොස් ඇත්තේ පසුගිය අවුරුද්දේ, ඒ ඔහුට වැළඳුණු හෘදයාබාධයකින්.
"මට මේකෙන් මිදෙන්න නැහැ. කවදාවත් මට ගොඩ ඒමක් නෑ. මම කවදාවත් ඒ ගෙදරට නම් යන්නේ නැහැ.."
"ඇය උමතුවෙන් මෙන් කෑ ගැහුවේ. මම ඇයට මීට පෙර කවදාවත් එහෙම දැකලා නැහැ. ඇගේ ලෝකයම බිඳ වැටිලා.." එහෙම කියන්නේ එලිස්ගේ මව.
"නමුත්.. ඇය අත්විඳින දේ කිසිවෙකුට කවදාවත් වෙන්න හොඳ නැහැ...."
නමුත්.. ඇයව අස්වසාලන අසල්වැසි කාන්තාවක් කාරුණිකව මෙහෙම කියා තිබුණා.
"ඇයට අපේ උදව් ඕනි. මම හිතනවා ඇය ආපහු එයි කියලා. මේක ඇගේ නිවස. අපි ඇගේ පවුල..."
Dailymail ඇසුරිනි.


