පෘථිවියේ අසල්වැසියෙකු වන සිකුරු ග්‍රහයාගේ ජීවය පැවතිය හැකි බවට නව සාක්ෂි මතුවීමත් සමඟ නාසා ආයතනය එහි ගවේෂණ මෙහෙයුම් දෙකක් සැළසුම් කරනවා.
ඒ සඳහා යෝජනා හතරක් මේ වනවිට සැළකිල්ලට ගනු ලබන බව සඳහන්.
ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් පසුගිය සඳුදා සඳහන් කළේ සිකුරු ග්‍රහයාගේ මතුපිට පවතින වායු වළාවෙන් ෆොස්ෆයින් වායුව හඳුනාගැනීම එහි ජීවය පැවතිය හැකි බවට සළකුණක් බවයි.
පෘථිවිය මත ඔක්සිජන් නොමැති පරිසරයක මෙම වායුව මුදාහරිනු ලබන්නේ ක්ෂුද්‍ර ජීවීන් විසින්.
එය පෘථිවියෙන් පිටත ජීවය පැවතිය හැකි බවට ශක්තිමත් සාධකයක් ලෙසද සැළකිය හැකියි.
නාසා ආයතනය නව ගවේෂණ මෙහෙයුම් මගින් සිකුරු ග්‍රහයා මත ජීවය පවතින්නේද යන්න තහවුරු කරගැනීමට උත්සාහ කරනු ඇති.