බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං
Friday, 18 September 2020 - 13:56 | Views - 505
මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

එළැඹෙන 20 වනදා වන විට ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්සඳහන් කළේ අද සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි බවයි.

ඒ හේතුවෙන් ලබන 22 වනදා දක්වා එම මුහුදු ප්‍රදේශවෙත යාත්‍රා කිරීමෙන් වලකින ලෙස ධීවර සහ නාවිකා ප්‍රජාව වෙත අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වත යෙදෙමින් සිටින යාත්‍රා හැකි ඉක්මනනින් වඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

මේ අතර දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවලය මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top