බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං
Friday, 18 September 2020 - 13:56 | Views - 506

මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.
එළැඹෙන 20 වනදා වන විට ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්සඳහන් කළේ අද සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි බවයි.
ඒ හේතුවෙන් ලබන 22 වනදා දක්වා එම මුහුදු ප්‍රදේශවෙත යාත්‍රා කිරීමෙන් වලකින ලෙස ධීවර සහ නාවිකා ප්‍රජාව වෙත අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වත යෙදෙමින් සිටින යාත්‍රා හැකි ඉක්මනනින් වඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
මේ අතර දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ප්රදේශවලය මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
Share This Article