මංතීරු නීතියේදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට ලැබෙන සහනය
Friday, 18 September 2020 - 13:01 | Views - 683
රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක අවස්ථාවල ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට පොලිස් රථවාහන කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මංතීරු තුනක් සහිත මාර්ගයක යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කිරීමේදී බස් රථ ගමන් ගන්නා වම් පස මංතීරුවට අමතරව මැද මංතීරුවේද ගමන් කළ හැකි බවයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සඳහන් කළේ.

පෙරේදා සිට කොළඹ මාර්ග කිහිපයක රථවාහන මංතීරු නීතිය පෙරහුරුවක් ලෙස පොලීසිය ක්‍රියාත්මක කළා.

ඒ අනුව ද්විත්ව මංතීරු සහිත මාර්ගවල වම් පස මංතීරුවේ බස් රථ, ත්‍රිරෝද රථ හා යතුරුපැදි ධාවනය සඳහා අවස්ථාව ලබාදුන් අතර, දකුණු පස මංතීරුව ලබාදෙනු ලැබුවේ මෝටර් රථ සහ වෑන් රථ සඳහායි.

එමෙන්ම වම් පස මංතීරුවේ ගමන් ගන්නා බස් රථයක් යම් නැවතුම්පලක කෙටි වේලාවක් නතර කළද එම මංතීරුවේ ධාවනය වන සෙසු වාහනවලට දකුණු පස මංතීරුව භාවිත කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ.

මේ හේතුවෙන් අදාළ පෙරහුරුව පැවැත්වූ දින කිහිපයේ එම මාර්ගවල රථවාහන තදබදය තරමක වැඩිවීමක් පෙන්නුම් කළ බව බොහෝ රියදුරන් ප්‍රකාශ කළා.

පොලිස්  රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක ප්‍රකාශ කළේ මාර්ගයේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් ඔවුන් සඳහා නව ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කළ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top