ටයර් සෑයක දැවී නොඑන ගමන් ගිහින්, භූතාත්මයක් වී පෙම්වතියවත්, සතුරන්වත් සොයා ආ විශ්ව විද්‍යාල සිසුවෙකු වූ වර්ණ
Friday, 18 September 2020 - 12:01 | Views - 43,793
විශ්වාසය හා අවිශ්වාසය අතර ජීවිතය දෝලනය වෙද්දි මිනිසුන් වැඩිපුරම විශ්වාසය තැබුවේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි..
 
තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්‍යමාන ගුප්ත බලවේග දෘෂ්‍ය මානයේ පවතින ජීවිත-වලට කරන බලපෑම කලක සිටම මිනිසුන් අත්විඳ තිබුණා.
 
ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්‍රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්‍යමාන බලවේග භූත ප්‍රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.

මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".
 
හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්‍ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.
 
මේ එහි 9 වන දිගහැරුමයි....
 
ඇතැම් මිනිසුන් ජීවත්ව සිටි කාලයේදී වගේම... මරණයෙන් පසුවද හදවතේ මිනිසුන් සොයාගෙන පැමිණියා. මේ.. එවන් අඳුරු මතකයක අඳුරු සෙවනැලි සැරිසැරූ මතකයක්..
 
ඇය... ස්වාමියා අහිමිව තම වෙහෙස මහන්සියෙන් දියණියත්, එකම පුතණුවන්වත් දැඩි කළ ආදරණීය මවක්. අවසානයේ ඇගේ උත්සහය නිසාම දියණිය ගමේ ග්‍රාම නිලධාරියා හා විවාහ වුනා.
 
ඇගේ එකම පුතණුවන් වූ "වර්ණ", විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. අරගලයට, රැඩිකල් මතවාදයන්ට ප්‍රිය කරපු "වර්ණ" තමන්ගේ සඟයන් එක්ක "තහනම් දේශපාලනයක" නියැලෙමින් හිටපු අඳුරුබර කාලයක් ඒක..
 
වර්ණ ගමට ආවේ කලාතුරකින්. එහෙව් ගම් වදින "වර්ණ" ඇතුළු "රැඩිකල් පන්තියේ" "නහරකාරයින්ට" ග්‍රාම සේවක මහත්තයා එච්චර ප්‍රියතාවයක් දැක්වූයේ නැහැ. ඒ දේ අවසන් ප්‍රතිඵලය වුනේ "වර්ණ" ඔහුගේ හොඳම මිතුරා ද කැටුව ටයර් සෑයක අවසන් ගමන් යාම..
 
ඒත්... ඇත්තටම වර්ණ ගියේ නැහැ.. වර්ණ ආයෙම ආවේ භූතාත්මයක් වෙලා. තමන්ගේ අම්මාවත්.. පෙම්වතිය වෙච්ච සේපාලිකාවත් සොයා ආ මේ භූතාත්මය අවසානයේ තමන්ගේ ජීවිතය බිල්ලට දුන් "මස්සිනා"ටත් දිවි අහිමි කරනවා.
 
මේ බිහිසුණු කතාන්දරයේ ඉතිරි කොටස පහතින් බලන්න...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top