කෝටි තුනක ලෝක ජනතාව සාගින්නෙන් මුදවන්න ජගත් සංවිධානය ධනවතුන්ගෙන් සහය ඉල්ලයි
Friday, 18 September 2020 - 11:12 | Views - 323
සාගින්නෙන් මියයාමේ අවදානමට ලක්ව සිටින මිලියන තිහ ඉක්මවූ ලෝකවාසීන් ගළවාගැනීම සඳහා සහය වන්නැයි ජගත් ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ලොව ප්‍රකෝටිපතියන්ගෙන් ඉල්ලීමක් කළා.
ලොව පුරා මිලියන 270 කට ආසන්න ජන කොටසක් මේ වනවිට සාගතයකට ආසන්න වී සිටින අතර, ලෝක ආහාර වැඩසටහන මේ වසරේදී ඉන් මිලියන 138 කට ප්රවේශවීමට සැළසුම් කර තිබෙනවා.
එහි ප්‍රධානී ඩේවිඩ් බීස්ලි සඳහන් කළේ සිය ව්‍යාපෘති සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 4.9ක් පමණ අවශ්‍ය වන බවයි.
ලෝක ආහාර වැඩසටහනේ සහය නොමැතිනම් වසරකදී ලොව පුරා මිලියන 30 ක් ජනතාව මියයා හැකි බවයි ඔවුන් සඳහන් කළේ.
Share This Article