යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත්විය හැකි බවට අනතුරු ඇඟවීමක්
Friday, 18 September 2020 - 10:24 | Views - 701
අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 96,424ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව පනස් දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේ වාර්තාවූ මරණ 1,174ක් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවද 84,372 දක්වා ඉහළ ගියා.
ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුව වැඩිම පීඩාවට පත්වූ රට වන්නේ ඉන්දියාවයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් විය හැකි බවයි.
මේ නිසා නිරෝධායන කාලසීමාවන් අවම කිරීමේ පියවර යෝග්‍ය නොවන බවයි එහි යුරෝපීය අධ්යක්ෂ හෑන්ස් ක්ලූග් සඳහන් කළේ.
Share This Article