ජලභීතිකාව වැළඳුනු නරි රැළක් නිසා කළුතර ගමක් කැළඹෙයි - දැනටමත් ජීවිත දෙකක් අහිමි කරලා
Friday, 18 September 2020 - 9:20 | Views - 562
කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශය ආශ්‍රිත වනාන්තරවල ජලභීතිකාව වැළදුනු නරි ගැවසෙන බැවින් පාසල් දරුවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
එමෙන්ම අදාළ රෝගය පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කලා.
 
නරි රංචු පිටින් ගම්වැදීම හා සපා කෑම හේතුවෙන් කලුතර මිල්ලනිය මූපට්ටිය ගම්මානයේ ගම්වැසියෙක් හා වයස අවුරුදු 8ක දියණියක් ජිවිතක්ෂයට පත්වු බවට පසුගියදා වාර්තා වුණා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට පොලු මුගුරු සහිතව ගමන් කරමින් තමන්ගේම ආරක්ෂාව සලසා ගන්නට සිදුව තිබෙනවා.
 
ප්‍රදේශවාසීන් පවසන්නේ කටුපොල් වගා ආශ්‍රිතව බෝ වූ සර්ප ගහණයට පිළියම් ලෙස ප්‍රදේශයට ගෙනැවිත් දමා සිටින මොණරුන් නිසා නරි මෙලෙස ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි.
 
ගම්මානය ආශ්‍රිත, වනාන්තරවල ජලභීතිකාව වැළදුනු නරි ගැවසෙන බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
මෙලෙස ගම් වදින්නේ සාමාන්‍ය ජනතාව නරියා ලෙසින් හඳුන්වන GOLDEN JACKAL නොහොත් ශ්‍රී ලංකා හිවලුන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top